Notepad Tricks(CD ROM Virus)




ටිකක් ආතල් එකක් ගන්න පුළුවන් විදිහේ ලිපියක් තමයි දැන් මම ලියන්න යන්නේ.. මේක පොඩි වයිරස් එකක් හදන හැටි ගැන හැබැයි කාටවත් කරදරයක් නැති එකක්... අපිට මේ සදහා ගතවෙන්නේ මිනිත්තුවකටත් අඩු කාලයක්.. මේ වයිරස් එකෙන් වෙන්නේ අපි DVD / CD රොම් එක නවතින්නේ නැතුව එලියට ඇතුලට යන එක...එහෙනම් දෙමු නේද රාජකීය ලනුවක් හැබැයි කාටවත් රිදවන්න මේ වැඩේ කරන්න නම් එපා... මේක නවත්තන්නේ කොහොමද කියලත් මම කියල දෙන්නම් ....


මුලින්ම මේ කෝඩ් ටික කොපි කරගෙන notepad එකේ පේස්ට් කරන්න 


Set oWMP = CreateObject("WMPlayer.OCX.7")



Set colCDROMs = oWMP.cdromCollection

do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop



save කරනකොට ඔයාට කැමති නමක් දීල අගට .VBS යන වචනය ලබාදෙන්න ඊට පස්සේ All files යන්න ලබාදීලා save කරගන්න ...
ඔයාට මේ වගේ පොඩි ෆයිල් එකක් ලැබිලා ඇති මේ ෆයිල් එක dekstop එකේ තියාගෙන රන් කරන්න බැහැ.. ඒක නිසා ෆෝල්ඩර් එකක් ඇතුලට දාගන්න ඕනේ.. කට්ටිය දන්නවනේ කාට හරි යවනවානම් කරන්න ඕනේ දේ ෆෝල්ඩර් එකක් ඇතුලටම දාලා යවන්න මේ ෆයිල් එක ඔයා රන් කරොත් මැෂින් එකේ පොඩි වෙනසක් වේවි මුකුත් වෙන්නේ නෑ.. වෙන එකම දේ රොම් එක පිස්සු කෙලින එක විතරයි.. ඔයාගේ ෆයිල් වලටවත් එහෙමත් නැත්නම් මැෂින් එකටවත් මේකෙන් හානියක් වෙන්නේ නැහැ.. 
මේක නවත්වගන්න නම් Task Manger වලට ගිහිල්ල wscript.exe file එක right click කරල end task කරන්න...

Comments

Post a Comment