Hard Drive එකේ Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.


        මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition
එකක් Hidden කර ගන්න විදිය..හරි මම දැන් කියන පිලිවෙලට කරගන යමු..


  • මුලින්ම windows key+R ඒකවර press කරන්න.
  • ඉන් පසු cmd ලෙස Type කර Enter කරන්න.
  • Command Prompt එක open වූ පසු  එහි diskpart ලෙස Type කර Enter කරන්න.
  • ඉන් පසු එන message එකට yes දෙන්න.
  • නැවත DISKPART>  ලෙස ඇති new Command Prompt එකක් open වේදැයි බලන්න.
  • එහි list volume ලෙස Type කර Enter කරන්න.
  • දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. අපි හිතමු F කියල. ඒ Partition එක තෝරා ගන්න. ඒ සදහා select volume 2 කියල type කරල enter කරන්න. මෙහි volume 2 යනු අපි තෝරා ගනු ලැබූ Partition එකේ අකුරට අදාල Partition එකේ අංකය වේ.
  • දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ. remove letter f කියල type කරල enter කරන්න. ඇත්තටම මෙහි වෙන්නේ Partition එකට අදාල අකුරැ ඉවත් කලාම එය windows වල my computer තුල පෙන්වනේ නැති වීමයි.
  • දැන් ඉතින් හැංගුව වගේම අයේ පෙන්වන්නත් ඕනෙනේ. ඒ සදහා පෙර ලෙසම F Partition එක තෝරන්න. ඉන් පසු assign letter F ලෙස type කරල enter කරන්න. එතකොට Partition එක තිබුන වගේම පෙන්වනවා

  මෙය තේරැම් ගැනිමට අපහසුනම් පහත ඇති video එක නරඹන්න.මෙතන  ක්ලික් කර තත්පර 5 ක් රෑදි සිට දකුනු පස ඉහලින් ඇති Skip AD මත ක්ලික් කර Video එක නරඔන්න..


මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.

Comments