Humming-bad Malware (For Android Phone)


          ගොඩක් අය දැනටමත් මේ මැල්වේයාර් එක ගැන අහලා ඇති.චීනේ තියෙන Advertising Company එකක් තමා මේක නිශ්පාදනය කරලා තියෙන්නේ.ඒ එයාලගේ දැන්විම් ප්‍රචාරය කිරිම සදහා තමයි මේ Malware එක හදලා තියෙන්නේ.දැනට මිලියන 10ක් විතර Phone වලට මේ Malware  එක ඇතුලු වෙලා කියලා තමයි හොයාගෙන තියෙන්නේ.මේ Malware  එකේ ප්‍රධාන අරමුන වෙන්නේ අපේ Phone එකට ඇතුලු වෙලා Root Access ගන්න එක.දන්නවනේ Root Access ගන්නවා කියන්නේ අපේ කිසිම අනුදැනුමකින් තොරව අපේ  Phone එක සම්පුර්නයෙන් Control කිරිමේ හැකියාව මේ මැල්වෙයාර් එක සතු කරගන්නවා. 
         ඉතින් Root Access එක ගත්තට පස්සේ එයාලට අවශ්‍ය App එහෙම Auto Download කරගන්නවා.දැනට චීනේ සහා ඉන්දියාව පුරා මේ Malware එක සීග්‍රෙයන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.ඉතින්මේ එත ලංකාවට එන්නත් ඉඩ කඩ වැඩි. Malware එකට Root Access ගන්න නොහැකි වූ විට මේකෙන් කරන්නේ අපේ Phone එකට Fake Notifications එවනවා.. අපි ඒ Notification එකට අපි කොයි බටන් එක එබුවත් වෙන්නේ අපේ Root Access ගන්න try කරන එක තමා..
         ඉතින් මේකෙන් බේරෙන්නනම් අපි කරන්න ඔනි ප්‍රමිතියකින් තොර වෙබ් අඩවි ඔස්සේ අපේ Phone එකට App එහෙම Download කරන එකෙන් වැලකෙන එක තමා.අපිට App එහෙම Download කරගන්න අවශ්‍යනම් ඒ සදහා Play store,Galaxy Apps වගේ ඒවගෙන් ගන්න පුලුවන්..දැනට තියෙන තොරතුරැ අනුව මේ Malware  එක ඇතුලු වෙන්නේ Kitkat ,Jelly bean කියන Android System දෙකට.මොකද මින් පසු ආ Android System වලට මේ Malware එක ඇතුලු විම වලක්වා තියෙන්නේ. නමුත් ස්ථිරවම අපිට එ් Malware එක Lollipop,Nougat වලට ඇතුලු වෙන්නේ නැ කියන්න බෑ.මොකද ඕයාලා මේ Malware එක Develop කරලා ආපහු එවන්න බැරි නෑ.
        මේ Malware එක දැනටමත් ඔයාලගේ Phones වලට Install වේලාද කියලා බලන්න පුලුවන් Avast,AVG කියන virus  guard පාවිච්චි කරලා.එහෙම නැත්තම් ඔයාලගේ Phone එකේ Application Manager ගිහින් ඔයාලා නොදන්න   Apps Download වෙලාද කියලා.ඉතින් මේක ඔයාලගේ Phones වලට Install වේලානම් කරන්න තියෙන එකම පිලියම වෙන්නේ ඔයාලගේ Phone එක RESET කරන එක විතරයි.මතක තියාගන්න  RESET කරන්න කලින් අවශ්‍ය දෙවල් Backup කරගන්න. 

මෙතනින් අපේ YouTube channel එක Subscribe කර අලුත් videos නරඹන්න.
මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........(අලුතින් පළවන ලීපි ගැන දැනගන්න..)

  

Comments