Ransomware Virus (රැන්සම්වෙයා පරිගණක වෛරසය )


          Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්.ඉතින්  ඔන්න අපිත් ඒ ගැන  පොඩ්ඩක් කියලා දෙන්න හිතුවා.
          Ransomware කියන Virus එක හදලා තියෙන්නේ අපේ වැදගත් Files Automatically Encrypt වෙන විදියට. සමාන්‍යයෙන් Files Encrypt කරන්නේ ඒ File එකේ ආරක්ෂාව වැඩි වෙන්න. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ්‍ය වෙනවා. නමුත් මේ "Ransomware" කියන Virus එක අපේ Computer එකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන් Auto Encrypt වීගෙන යනවා, නමුත් නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Keyඑක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළ Ransomware එක නිර්මාණය කළ  Hacker  අතට තමයි යන්නේ. 
            ඉතින්  අපිට ඒ key  එක ගන්න ඒ Hacker ට  කප්පම් මුදලක් ගෙවන්න සිද්ද වෙනවා..

 අපි මේ  Ransomware කියන Virus එකෙන් බේරෙන්නේ කොහොමද  බලමු..

  •        Ransomware වලින් ගැලවෙන්න තියන  ක්‍රමය වෙන්නේ තමන්ගේ වැදගත් Files වෙන තැනකට Back-up කරගෙන තියාගන්න එක. 
  • තමන් නිතර භාවිතා කරන Web Browser එකට නොමිලේ ලබාදෙන Ad-Block එකක් Install කරගන්න..
  • Antivirus Program භාවිතා කරනවා නම් ඒවා Update කරන්න..
  • නොදන්න අයගෙන් එන Emails ගැන සලකිලිමත් වෙන්න.
  • පුලුවන් තරම් Windows  වල Latest Update  එකම use කරන්න.

මෙතනින් අපේ Facebook page එක LIKE කරන්න........









Comments